හොරිවිල ප්‍රෞඩ ඉතිහාසය

Legendry History of Horiwila

හොරිවිල හේරත්හාමි වෙද මහතා

Horiwila Doctor Herathhami

“මේ වෙදකම මගේ හාස්කම් නෙවෙයි, දෙවියන්ගේ හාස්කමක්ද , වරප්‍රසාදයක්ද නෙවෙයි.අපේ පරම්පරාවේ තිබූ සිංහල ඔසු වෙදකමේ බලයයි.-හේරත්හාමි වෙදමහතා “

වෛද්‍ය ශිරෝමණි ආයුර්වේද විශාරද පණ්ඩිත සේනානායක මුදියන්සේලාගේ කවුරාලගේ හේරත්හාමි හෙවත් හොරිවිල හේරත්හාමි වෙද  මහතා නමින් ලෝක පුජිත වූ ඒ මහා යුග පුරුෂයා මෑතකදී ලොව පහළ වූ පියුෂපාණී ජීවකයෙකි.කැඩුම් බිදුම් බහුල වූ මෙකී යුගයේ මාරයාටද අභියෝගයක් වූ දොස්තරවරුන්ට විශ්මයක් වූ ගිලනුන්ට ජීවකයෙකු වුත් යම් මනුෂ්‍ය දිව්‍යපුත්‍රයෙකු වී නම් ඒ හොරිවිල හේරත්හාමි වෙද මහතාය . 

Shiromani Ayurveda Scholar pandita Senanayaka Mudiyanselage Kauralage Herathhami, also Known as Horiwila Herathhami Wedamahaththaya, was a great man of the era who was, recently born in to the world. in a time of death and destruction, and a challenge to the doctors, and a miracle to the patients, if a human being is alive and a son of God, it’s gratest Herathhami Weda mahaththaya.

පුලස්ති රාවණ යුගයේ සිට අද දක්වාම විවිධ යුගවලදී හෙළ වෙද උරුමය රැකුමට වැඩුමට වරින් වර වරින්වර යුග පුරුෂයෝ පහළ වූහ.එවැනි මෑතකාලීන බිහිවූ වෙද රජකු බදු හේරත්හාමි හොරිවිල වෙද මහතා බුද්ධදාස නිරිදුන් මෙන් හෙළ වෙද උරුමය සුරැකීමට සැත්කම් විස්කම් පෑ අමරණීය වෙද ඉසිවරයනන් කෙනෙකි. 

From the time of Pulasthi Ravana to the present day, in various eras, men of different eras have emerged to protect the hela vaidya heritage. One such reason King of weda, great Herathhami Horiwila weda mahaththaya like a King of Buddhadasa, is an immortal Doctor who performed surgical miracles to protect the hela vaidya heritage.

ධාතුසේන රජ සමය දක්වා දිවෙන හොරිවිල වෙද පරම්පරාවේ වතගොත ලේඛන ගත වී ඇත්තේ 25 වන පුරුකෙනි.මුඛ පරම්පරාගතව පැවතගෙන එන ආකාරයට වසර 3000 කට පෙර භාරතයේ උන් ආත්‍රේය මුණිවරයා විසිවන සියවසේදී හෙළදිව වන්නිකරයේ කුඩා ගමකින් හේරත්හාමි නමින් පියුෂපාණි ජීවකයෙකු පහළ වන බවත් ඔහුගෙන් මුළු ලොවට මහත්සේ සේවාවක් සැලසෙන බවත් තුන්කල් නුවණින් යුතුව වදාරා තිබේ.

The oldest records of the Horiwila Weda lineage, which dates back to the time of king Dhatusena, has been recorded in the 25th lineage. According to oral tradition, 3000 yeara ago, the sage una Atreya of India said that in the 20th century, a piyushapani person named Herathhami would emerge from a small Village in Vannikara, Heladiva and from him the whole world would be blessed. It has been said with great wisdom that a Piyushapani living being will arise and that he will provide great service to the entire world.
 

ආත්ම ගණනක් පෙරුම් පිරීමෙන් අනතුරුව ආත්‍රේය මුණිවරයාගේ බස සැබෑ කරමින් සුදුසු කල්යල් බලා කැඩුම් බිදුම් වෙදසවිය සපුරා ලබාගත් පියුෂපාණි හේරත්හාමි ජීවකයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව උපදිසාපති කොට්ඨාශයට අයත් හොරිවිල ග්‍රාමයේ 1920 පෙබරවාරි 03 වනදා සේනානායක මුදින්සේලාගේ කවුරාළ වෙදමහතාටත් කපුරුබණ්ඩාගේ රන්එතනා මෑණියන්ටත් දාව මෙලොව උත්පත්තිය ලැබූවේ හොරිවිල වෙද පරම්පරාවේ තිස්වන පුරුක ලෙසයි.

After completing a number of lifetimes  the greatest Doctor piyushapani Herathhami, who fulfilled the teachings of the sage Atreya and attained the appropriate degree of medical education,was born on February 3rd 1920, in the Horiwila Village of the Kekirava Sub-District Administrative Organization Division of the Anuradhapura District, to Senanayake Mudiyanselage Kaurala Wedamahatha and Kapurubanda’s Ran ethana mother, as the thirtieth member of the Horiwila vaidya lineage.

ඉසිවරයාණන් බාවිතා කල භාණ්ඩ 

හොරිවිල වෙද පරම්පරාවේ වර්තමාන ජීවකයාණෝ

හේරත්හාමි විජේසිංහ සේනානායක වෙදමහතා

1988 ජනවාරි 16 වනදා පියුෂපාණි හේරත්හාමි ජීවකයාණෝ මෙලොව හැර යන විට හොරිවිල වෙද පරපුර නොනැසී චිරාත් කාලයක් එක  දිගට රැකගෙන යාම සදහා හේරත්හාමි ජිවකයාණන් වෛද්‍ය ක්‍රමයෙහි නිරතවන අවස්ථාවන්හිදී එතුමන් සමග උරෙන් උර ගැටෙමින් එතුමන් සතු හොරිවිල පරම්පරාවට අනන්‍ය වූ සියළු වෙදහදකම් සියල්ල මැනවින් ප්‍රගුණ කළ හොරිවිල වෙදපරම්රාවේ 35 වන වෙද පුරුක ආයුර්වේද විශ්වවිද්‍යාලයේ  ආයුර්වේද උපාධිධාරි, කැඩුම් බිදුම් විශේෂ, ආචාර්ය, දේශමාන්‍ය, ආයුර්වේද විශාරද , වෛද්‍ය අභිමාණී, ජීවක උවසර, ප්‍රාණාභිසර, වෛද්‍යශූරි මුළු දිවයිනටම සාමවිනිසුරු, ආයුර්වේද විශ්වවිද්‍යාලයේ හිටපු කැඩුම් බිදුම් පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය සේනානායක මුදියන්සේලාගේ  හේරත්හාමි විජේසිංහ සේනානායක වෙදමහතා 

Doctor S.M. Herathhami Wijesinghe Senanayake

When piyushapani jeevaka Herathhami passed away on January 16, 1988, The 35th milestone of Horiwila traditional medical generation who stood shoulder to shoulder with jeewaka Herathhami while he was practicing medicine mastering all the secret unique medical practices of the Horiwila lineage, was appointed as 35th milestone of the Horiwila generation. He is an Ayurvedic graduated from Ayurveda university of Sri Lanka (Gampaha Wickramarachchi Ayurveda university) specialist in fractures and dislocations. General Ayurvedic practitioner , Ayurveda Visharada, Acharya Deshamanya, Jeewaka Uvasara, Pranabhisara,Vaidyashoori, Vaidya Abhimani , retired senior lecturer in Ayurvedic university- Sri Lanks.All island JP. Senanayake Mudiyanselage Herathhami Wijesinghe Senanayake.
 

වෛද්‍ය ස්වේතා ලාලනී සේනානායක මහත්මිය

ආයුර්වේද උපාධිධාරි කැඩුම් බිදුම් විශේෂ, වෛද්‍ය අභිමාණි, ජීවක උවසර, චීනකටු සහ පංචකර්ම ප්‍රතිකාර සදහා සහතිකපත්‍රලාභී, සාමවිනිසුරු වෛද්‍ය අන්තෝනි ස්වේතා ලාලනී සේනානායක

Doctor Swetha Lalani Senanayake

Graduated Of Ayurveda fractures and dislocations specialist, Jeevaka uvasara, Vaidya Abhimani, Certificate holder of chines Acupuncture and traditional panchakarma treatments. Justice of peace Doctor Anthony Swetha Lalani Senanayake

වෛද්‍ය සදුන් ලක්‍ෂිත සේනානායක මහතා

ආයුර්වේද උපාධිධාරි කැඩුම් බිදුම් විශේෂ,  පංචකර්ම ප්‍රතිකාර සදහා සහතිකපත්‍රලාභී, ආයුර්වේද වෛද්‍ය සේනානායක මුදින්සේලාගේ සදුන් ලක්‍ෂිත සේනානායක 

Doctor Sandun Lakshitha Senanayake

Bachelor of Ayurvedic medicine and Surgery (BAMS) Hons-India Rajiv Gandhi state university specialist in fractures and dislocations, Certificated traditional panchakarma treatments, Ayurvedic general practitioner. Senanayake Mudiyanselage Sandun Lakshitha Senanayake 

වෛද්‍ය සමෘද්ධි සේනානායක මහත්මිය

Tianjin රාජ්‍ය විශ්ව විද්‍යාලයේ බටහිර වෛද්‍ය උපාධිධාරී,ව්‍යාපාර කලමනාකරණ පශ්චාත් උපාධිධාරී, මනෝවිද්‍යා උපාධිධාරී හොරිවිල පාරම්පරික හෙළ වෛද්‍ය සේනානායක මුදියෙන්සලාගේ සමෘද්ධි සේනානායක 

Doctor Samurdhi Senanayake

Bachelor of medicine and Bachelor of Surgery (MBBS) Tianjin state university china. postgraduate in Business Administration, Graduated in Psychology horiwila traditional Ayurvedic doctor General practitioner Of Western medicine Doctor Senanayake mudiyanselage Samurdhi Senanayake

මෙම වෙබ් අඩවියේ ඇතුළත් සියලු ජායාරූප සහ අන්තර්ගතයන් බුද්ධිමය දේපළ පනත යටතේ හොරිවිල කැඩුම් බිදුම් වෛද්‍ය මධ්‍යස්ථානයේ බුද්ධිමය දේපළ ලෙස ලියාපදිංචි කර ඇති බැවින්, ඒවා අනවසරයෙන් උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
All photographs and content on this website are registered as the intellectual property of Horiwila Orthopedic Medical Center under the Intellectual Property Act, and unauthorized reproduction is a punishable offense.

Shopping Cart